කන්දකාඩු කොරෝනා පොකුරෙන් රටපුරා කොරෝනා පැතිරිලාද ? සෞඛ්‍ය අංශයෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

Monday, 13 July 2020 - 18:57

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF+%3F+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කන්දකාඩු කොරෝනා පොකුර හරහා මේ වනවිට රටපුරා කොරෝනා තත්වයක් පැතිර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

කොවිඩ්- 19 වැලැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ සත්‍ය වශයෙන්ම මෙම තත්ත්වය ඇත්තේ ස්ථාන කිහිපයක පමණක් බවයි.

ප්‍රධාන වශයෙන් ඒ හරහා රාජාංගනයේ යම් තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් එම ප්‍රදේශයේ සංචරණ සීමා පනවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රචාරය වන ආකාරයේ තත්ත්වයන් කිසිවක් සත්‍ය නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මෙම තත්ත්වය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක මහජන සෞඛ්‍ය වැඩපිළිවෙල ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මක වූ පමණින් එම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් සිටින බවට සැකමතුකරගතයුතු නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අද පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2631 දක්වා ඉහලගොස් තිබෙනවා.

මෙම ආසාදිතයන් කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

පසුගිය දින 04 තුළ මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 523ක් ලෙසයි සටහන් වන්නේ.