පොලිස් මාර්ග බාධකයක රාජකාරී කළ කොස්තාපල්වරයෙක් යටකර ටිපර් රථක් පලා යයි (වීඩියෝ)

Tuesday, 14 July 2020 - 6:35

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B6%9A%E0%B6%BB+%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


හක්මන - කෝන්ගල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් යට කරගෙන ටිපර් රථයක් ඊයේ (13) රාත්‍රියේ පළා ගොස් ඇති බව වාර්තා වනවා.

එහිදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලැබූ අතර ඉන් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 36 හැවිරිදි නිලධාරියෙක්.

අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ.