කොරෝනා ගැන අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි අගමැති කියයි (වීඩියෝ)

Thursday, 16 July 2020 - 12:40

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවකදීයි.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ද එක්ව සිටි අතර, මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය සඳහා නීතිපති අනුමැතිය අද දිනය තුළ ලැබෙනු ඇති බවත් ඒ අනුව ඉදිරි දින දෙක තුළ එය ගැසට් කිරීමට බලාපොරොත්තු වන බව ඇය සඳහන් කළා.  

මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පිටත කොවිඩ් ආසාදිතයින් 25 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

එම පිරිස ඇතුලු ඔවුන්ගේ ආශ්‍රිතයින් සියලූ‍ දෙනා මේ වනවිට නිරෝධාන කටයුතු සඳහා යොමු කර ඇති බව ඔහු සඳහන් කළා.

එමෙන්ම මෙරට තුළ පීසීආර් පරීක්ෂණ 130,000ක් පමණ සිදු කර ඇති බව සඳහන් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සහ ඒ ආශ්‍රිතයින්ගේ පීසීආර් පරීක්ෂණ 4000ක් පමණ සිදු කර ඇති බවද කියා සිටියා.

ඔහු සඳහන් කළේ පෞද්ගලික ආයතන 4ක සහ රජයේ ආයතන 18ක පීසීආර් පරීක්ෂණ මේ වනවිට සිදු කෙරෙන බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදු කළ පීසීආර් පරීක්ෂණ නතර කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ජින්තුපිටියෙන් වාර්තා වූ රෝගියාට කොවිඩ් වෛසරය ආසාදිත බවට එම පීසීආර් පරීක්ෂණයෙන් වාර්තාවී තිබු බවයි.

කෙසේ වෙතත් අයි.ඩී.එච් රෝහලින් සහ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය මගින් සිදු කල පරීක්ෂණ 5කින් අදාළ පුද්ගලයාට වෛරසය ආසාදනය වී නොතිබූ බවට තහවුරුවීම හේතුවෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අදාළ අංශය සමග සාකච්ඡා කිරිමෙන් අනතුරුව පීසීආර් පරීක්ෂණ කටයුතු නතර කිරීමට තීරණය කළ බවද සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් සඳහන් කළා.