සයිබීරියාවෙන් අධික උෂ්ණත්වයක් වාර්තාවෙයි

Thursday, 16 July 2020 - 13:31

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B7%82%E0%B7%8A%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සයිබීරියාවෙන් අධික උෂ්ණත්වයක් වාර්තාවනවා.  

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය ජූනි 20 වනදා සෙල්සියස් අංශක 38 ක උෂ්ණත්වයක් සයිබීරියාවේ වර්කොයාන්ක්ස් නගරයෙන් වාර්තාවී ඇති බවයි.

එය ආක්ටික් ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි ලෝක කාලගුණ විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ.

එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යාඥයන් පිරිසක් සහ ජාත්‍යන්තර සංවිධානවල විද්‍යාඥයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ පර්යේෂණයකින් සොයාගෙන ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම්වලින් තොරව මෙවැනි උෂ්ණත්වය ඉහළ යාමක් සිදුවිය හැක්කේ වසර 80,000 කට වරක් පමණක් බවයි.

සයිබීරියාවේ උෂ්ණත්වය පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ සෙල්සියස් අංශක පහකින් ඉහළ ගොස් ඇති බව සඳහන්.