ගං වතුර, ජල ගැලීම් වැනි ස්වභාවික ව්‍යවසනයන්ගෙන් ආරක්ෂාවීමට නම් මිනිසා එක සේ පරිසරයට ආදරය කළ යුතුයි.
නමුත් එය නොතකා ස්වාභාවික ව්‍යවසනයන්ට අතවනමින් සිදුවන අනවසර ගොඩකිරීමක් පිළිබඳ අපට මාතර වැලිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.
මාතර - වැලිපිටිය - ඉල්වත්ත කුඩා අමුණ ප්‍රදේශයේ පිහිටි අක්කර 7ක පමණ කඩොලාන පිහිටි භූමිය රක්ෂිතයක් ලෙස පවා නම් කිරීමේ සූදානමක් තිබී ඇති අතර මෙම ප්‍රදේශය මේ වන විට කිසියම් පුද්ගලයෙකු විසින් අනවසරයෙන් ගොඩකිරීමට කටයුතු කර තිබෙනවා.
ගම්වාසීන් චෝදනා කරන්නේ මේ හේතුවෙන් විශාල කඩොලාන විනාශයක් මෙන්ම වර්ෂා කාලයේදී ප්‍රදේශයේ ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවටයි.