කොරෝනා මැද රජයෙන් ලැබුණු සහනයෙන් වැඩුණු අක්කර 20 ක සාරවත් රටකජු වගාව (වීඩියෝ)

Thursday, 16 July 2020 - 15:04

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+20+%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B6%A2%E0%B7%94+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොවිඩ් 19 වසංගතයත් සමග ඇඳිරිනීතිය පනවා තිබූ පසුගිය කාලයේ ගොවිතැන් කටයුතු සඳහා රජය විසින් ගොවීන්ට අවස්ථාව සලසා දී තිබුණා.

එලෙස වගා කටයුතු ආරම්භ කළ තිස්සමහාරාමයේ ගොවීන් පිරිසක් මේ දිනවල සිය අස්වැන්න නෙළමින් සිටිනවා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය මෙරට තුළ ව්‍යාප්තිය පාලනය සඳහා රට තුළ ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරුණු පසුගිය කාලසීමාව තුළ ගොවිතැන් කටයුතු සිදුකිරීම සඳහා ඉඩප්‍රස්ථාව ලබාදීමට රජය කටයුතු කළා.

එලෙස ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගැනීමට මේවන විට තිස්සමහාරාම කොඩිගහවැව ප්‍රදේශයේ ගොවීන් සමත්ව තිබෙනවා.

අක්කර 20ක පමණ ප්‍රමාණයකට දිවෙන මේ භූමිය ඔවුන් යොදාගෙන තිබුණේ රටකජු වගා කිරීම සඳහායි.

පාරම්පරිකව පැවති ඉඩම් ගොවිබිම් බවට පත්කරමින් ඔවුන් මෙම රටකජු වගාව ආරම්භ කර තිබුණා.

ගොවීන් සඳහන් කළේ අක්කරය බැගින් වගා කිරීම සඳහා ප්‍රදේශයේ ගොවි පවුල් සඳහා රටකජු, පොහොර සහ ජලය බටඅත කෘෂි තාක්ෂණ මධ්‍යස්ථානය මගින් නොමිලේ ලබාදීමට කටයුතු කළ බවයි.

මාස 3ක පමණ කලක් සිදුකළ වගාවේ අස්වැන්න ඔවුන්ගේ මුවගට ගෙනවිත් ඇත්තේ සිනහවක්.

රටකජු මෙරට අපනයන භෝග අතර ප්‍රමුඛ බීජ වර්ගයක් වන බැවින් දේශීය ආර්ථිකය නංවාලීම සඳහා මෙම ගොවීන් තවදුරටත් දිරිගැන්වීම සැමගේ යුතුකමක්.