මාස එකහමාරකදී හෙරොයින් සමඟ 9648 දෙනෙකු අත්අඩංගුවට

Thursday, 16 July 2020 - 16:12

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%91%E0%B6%9A%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+9648+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගත වූ මාස එකහමාරකට ආසන්න කාලය තුළදී හෙරොයින් සමඟ පුද්ගලයින් 9648 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මස 6 වනදා සිට මේ මස 15 වනදා දක්වා දිවයින පුරා සිදුකළ අපරාධ නිවාරණ වැටලීම් වලදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

එහිදී වරෙන්තුකරුවන් 15,152 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අවි ආයුධ සමඟ සැකකරුවන් 154 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී ටී - 56 ගිනි අවි 11 ක්, බෝර 12 ගිනි අවි 48 ක්, රිපීටර් 74 ක් සහ ජීව උණ්ඩ 838 ක් පොලිස් භාරයට ගැණුනා.