කලාවැව, බළලු වැවේ පුද්ගල මළසිරුරක් (වීඩියෝ)

Thursday, 16 July 2020 - 19:05

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B7%80%2C+%E0%B6%B6%E0%B7%85%E0%B6%BD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කලාවැව, බළලු වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් ගල්කිරියාගම පොලීසිය විසින් අද (16)සොයාගෙන තිබෙනවා.

ජීවිතක්ෂයටපත්ව ඇත්තේ අංක 02, එළමල්පොත, වහකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි නූර් මොහොමඩ් නමැති පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

දිය නෑමට පැමිණි අවස්ථාවේ මෙම පුද්ගලයා දියේ ගිලි ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට පොලීසිය සැක පළකරනවා.

කැකිරාව දිසා මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ගොඩ ගත් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල මහ රෝහලට ගෙනයාමටයි කට යුතු කර ඇත්තේ.

ගල්කිරියාගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.