මුහුදු රළ ඉහළ යාම ගැන කාලගුණයෙන් නිවේදනයක්

Thursday, 16 July 2020 - 19:14

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%85+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මුහුදු රළ ඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ හෙට පස්වරු 5 දක්වා වලංගු වන පරිදියි.

කළුතර සිට ගාල්ල මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහායි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව එම ප්‍රදේශවල වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල රළ මීටර් 2ත් 2.05ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමට හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේවෙතත් මෙය ගොඩබිමට පැමිණෙන උස් රළ නොවන බව ඔවුන් ප්‍රකාශ කරනවා.

මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකියි.

ධීවර සහ නාවික ප්‍රජාව මෙන්ම ආසන්න වෙරළබඩ ජනතාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ඉල්ලා සිටින්නේ.


වැඩි මිලට අලෙවිකරන්න සැඟවූ මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙක් දැලේ (වීඩියෝ)
Monday, 03 August 2020 - 17:57

හැටන් ප්‍රදේශයේ ළදු කැලෑවක සගවා තිබු මත්පැන් බෝතල් තොගයක්... Read More

පළාත් කිහිපයකට හෙටත් වැසි
Monday, 03 August 2020 - 17:12

හෙට දිනයේදීත් සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල... Read More

තවත් කොරෝනා අසාදිතයෙක් වාර්තාවෙයි
Monday, 03 August 2020 - 17:07

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More