රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කර ඇති බව ඔප්පු වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි (වීඩියෝ)

Thursday, 16 July 2020 - 19:34

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


රන්ජන් රාමනායකට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්පූර්ණයෙන්ම ඔප්පු වී තිබෙන බව අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවධාරණය කළා.

ඒ, රන්ජන් රාමනායකට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුවට අදාළ නීතිපතිවරයාගේ දේශන අවසන් කරමින්.

සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාගයට ගැණුනා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න වැඩිදුරටත් ප්‍රකාශ කළේ නඩුවට පාදක වන අපහාසාත්මක ප්‍රකාශය තමා විසින් බැහැර නොකරන බවට වගඋත්තරකාර රන්ජන් රාමනායක අවස්ථා 4කදී සපථ කර ඇති බවයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍ර ගොනුකළ පසු ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය තුලදීම මාධ්‍ය වෙත අදහස් දක්වමින්, අදාළ අපහාසාත්මක ප්‍රකාශය තමා විසින් ඉවත් කර නොගන්නා බවට අවධාරණය කර ඇතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී කියා සිටියා.

‘‘ මම කියපු මතය ඉවත් කර ගන්නේ නැහැ. ජිවිතාන්තය දක්වා හිරේ දැම්මත් මගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේ නැහැ.’’ යනුවෙන් සඳහන් කරමින් ඔහු තමන් මුලින් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය තවදුරටත් තහවුරු කර ඇති බවයි අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න සඳහන් කළේ.

‘‘අධිකරණය හොරු ධෛර්යමත් කරනවා. අධිකරණය හොරු උත්තේජනය කරනවා.’’ යනුවෙන් ඔහු අධිකරණ පරිශ්‍රය තුළ සිදුකර ඇති ප්‍රකාශවලින් විනිසුරුවරුන් නිසා දූෂිත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවට මහජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කර ඇති බවට ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළා.

මෙහිදී අදාළ ප්‍රකාශ ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් ආධාරයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ අවධානයට යොමු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර, රන්ජන් රාමනායක අධිකරණය සම්බන්ධයෙන් කරනු ලබන මෙවැනි ප්‍රකාශ හරහා අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය පළුදු විය හැකි බවටයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අනතුරු අඟවා සිටියේ.

මෙම ප්‍රකාශ තුළින් අධිකරණයට අපහාස කිරීම සඳහා වගඋත්තරකාර රන්ජන් රාමනායක තුළ තිබූ චේතනාව මනාව පැහැදිලි වන බවත්, අධිකරණ පද්ධතිය සහ විනිසුරුවරුන් වෙත ප්‍රහාර එල්ල කිරීමට දේශපාලනඥයන්ට අවසරයක් හෝ බලපත්‍රයක් හිමිවී නොමැති බවත්, ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

2018 වසරේ අගෝස්තු 21 වනදා එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මෙරට විනිසුරුවරුන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත බවට ප්‍රකාශ කර තිබුණා.

එමගින් ඔහු අධිකරණයට අපහාස කළ බව පවසමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා සිදුකළ පැමිණිල්ල අනුව නීතිපතිවරයා මීට අදාළ චෝදනා ගොනුකර තිබෙනවා.

නඩුව යළිත් අගෝස්තු 24 වනදා කැඳවීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories