හොරකම් වහගන්න ETI සමාගම ලක්ෂ 1130ක් ගෙවූ බව හෙලිවේ (වීඩියෝ)

Thursday, 16 July 2020 - 19:56

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+ETI+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+1130%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ඊ.ටී.අයි. ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා හෙළිවීම වැළැක්වීම සඳහා අදාළ නියාමන ආයතනවල ඉහළ නිලධාරීන්ට රුපියල් මිලියන 113 දශම 8ක මුදලක් ගෙවා ඇති බව, අද අනාවරණය වුණා.

ඒ, ඊ.ටී.අයි. ආයතනයේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයන විශේෂ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේදීයි.

කොමිෂන් සභාව හමුවේ  ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අද සාක්ෂි ලබා දුන්නා.

සාක්ෂිකරු 2012 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ආයතන වෙත ගොස් පරීක්ෂණ සිදුකරන අංශය හෙවත් එතැන් පරීක්ෂණ අංශයේ ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කළ බවත් 2012 වසරේ පෙබරවාරි මාසයේදී එම ආයතනයේ පරීක්ෂණයක් සඳහා සහභාගී වූ බවත් කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

එහිදී ETI ආයතනය අනාවරණය නොකළ ගිණුම් පොත්ද පවත්වාගෙන යන බව තමන්ට දැනගන්නට ලැබුණු බව ඔහු කියා සිටියා.

2012 වසරේ අනාවරණය කළ ගිණුම්වල රුපියල් බිලියන 12 ක් තිබෙන විට අනාවරණය නොකළ ගිණුම්වල රුපියල් බිලියන 8.6 ක මුදලක් තිබූ බවද සාක්ෂිකරු කොමිසමට පෙන්වා දුන්නා.

ETI ආයතනයේ ද්‍රවශීලීතාවය, වත්කම් ආදිය සැලකිල්ලට ගැනීමේදී මූල්‍ය තත්වය ඉතාමත් පහත් මට්ටමක තිබීම නිසා එම ආයතනයේ අඛණ්ඩ පැවැත්ම අවිනිශ්චිත බව තමන් විසින් සිදු කළ එතැන් පරීක්ෂණ වාර්තාව අවසානයේ සඳහන් කළ බව සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා.

අනාවරණය නොකළ ගිණුම් මගින් 2012 වසර වන විට අනුබද්ධ ආයතනවලට ETI ආයතනය ලබාදුන් ණයවල වටිනාකම රුපියල් බිලියන 1යි මිලියන 455ක් බව සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා.

සාක්ෂිකරු සඳහන් කළේ ETI ආයතනයේ අනාවරණය නොකළ ගිණුම් අතර තිබූ විශේෂ ගිණුමක් මගින් රුපියල් මිලියන 113.8ක මුදලක් නියාමන ආයතනවල බලධාරීන්ට සහ අනෙකුත් ආයතනවල බලපෑමක් කළ හැකි බලගතු පුද්ගලයින්ට ගෙවා තිබුණු බවයි.

මෙම තොරතුරු තමන්ට අනාවරණය කර ගැනීමට හැකි වූයේ එවකට ETI ආයතනයේ සිටි ගණකාධිකාරීවරයෙකුගෙන් බවද සාක්ෂිකරු පැවසුවා.

තවත් එවැනි අපැහැදිලි ගිණුම් කිහිපයක්ම තිබූ බවත් ඒවා කුමන ආකාරයේ ගෙවීම් සිදු කිරීමට භාවිතා කළාද යන්න පිළිබඳ පැහැදිලි පිළිතුරක් ලබා දීමට ETI  ගණකාධිකාරීවරයා අපොහොසත් වූ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා.

මෝටර් රථයක් ගෙන්වීම සඳහා රුපියල් මිලියන 33.4 ක් ගෙවා තිබුණත් එය ෑඔෂ ආයතනයේ නමින් ලියාපදිංචි කර නොතිබූ බවද සාක්ෂිකරු අනාවරණය කළා.

ඉඩම් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 94.9 ක මුදලක් ගෙවා තිබුණත් ලබා ගත් දේපලක් පිළිබඳ සාක්ෂි තමන්ට හමු නොවූ බව සාක්ෂිකරු පැවසුවා.

තැන්පත්කරුවන්ගේ මුදල් අනාවරණය නොකළ ගිණුම් පොත්වල සටහන් වී තිබීම නිසා එම මුදල් සඳහා රක්ෂණ ආවරණය ලබා ගැනීම ද ගැටළු සහගත බව සාක්ෂිකරු කොමිසමට පෙන්වා දුන්නා.


පළාත් කිහිපයකට හෙටත් වැසි
Monday, 03 August 2020 - 17:12

හෙට දිනයේදීත් සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල... Read More

තවත් කොරෝනා අසාදිතයෙක් වාර්තාවෙයි
Monday, 03 August 2020 - 17:07

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

ස්වයං නිරෝධායනයට ලක්වන්නන් ඡන්දය දෙන්න පැමිණිය යුතු වෙලාව මෙන්න
Monday, 03 August 2020 - 16:59

ස්වයං නිරෝධායනයට ලක්වන්නන් ඡන්දය දෙන්න පැමිණිය යුතු වෙලාව... Read More