උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ අදහස් (වීඩියෝ)

Thursday, 16 July 2020 - 22:08

%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.

මැතිවරණ ප්‍රචාරක ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියාසිටියේ තමා පොළොන්නරුවට කළ සංවර්ධනය පිළිබඳ තවත් වසර 25කින් පසු ජනතාව කතා කරනු ඇති බවයි.

අද චෝදනා කරන පිරිස් තමා මියගිය දිනක තමා පිළිබඳ කතා කරනු ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ අතර ජාතික ජන බලවේගයේ අපේක්ෂක බිමල් රත්නායක පෙන්වා දුන්නේ බුද්ධි අංශවලින් වාර්තා 97ක්  යවා තිබියදීත් මාස 3කින් ආරක්ෂක මණ්ඩලය රැස්කර නොතිබූ බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ රජයක් නිර්මාණය කර මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන එන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අරමුණ බවයි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ආශු මාරසිංහ කියාසිටියේ.

මාස 8ක් ගතවී ඇතත් මහ බැංකු සොරුන් අත්අඩංගුවට ගැනීමට රජයට නොහැකිවී ඇතැයි කුමාර වෙල්ගම කියාසිටියා.