ඇමරිකානු එෆ්.බී.අයි. ආයතනයෙන් චීනයට චෝදනා

Thursday, 23 July 2020 - 20:41

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%91%E0%B7%86%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
වීසා වංචා චෝදනාවන්ට ලක්වූ චීන විද්‍යාඥවරියක් ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි චීන කොන්සියුලර් කාර්යාලයේ සඟවා ගෙන සිටින බවට, ඇමරිකානු එෆ්.බී.අයි. ආයතනය චෝදනා කරනවා.

දෙරට අතර මතභේදාත්මක තත්ත්වය තවදුරටත් උත්සන්න වීමට මෙම තත්ත්වය හේතුවනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

චීන හමුදාව සමග සම්බන්ධතා පවත්නා ටැන් - ජුවාන් නම් මෙම ජෛව විද්‍යා පර්යේෂණ විද්‍යාඥවරිය ඇමරිකාවට පැමිණීමේදී අසත්‍ය තොරතුරු ලබා දී ඇති බවට ද චෝදනා එල්ල වනවා.

ඇමරිකාවේ බුද්ධිමය දේපල හා පෞද්ගලික තොරතුරු ආරක්ෂා කර ගැනීම සඳහා බව පවසමින් මීට දින කිහිපයකට පෙර හූස්ටන්හි චීන තානාපති කාර්යාලය ද පැය 72ක් තුළ වසා දමන ලෙස ඇමරිකානු රජය දැනුම් දුන්නා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories