කොරෝනා වෛරස් ගෝලීය ව්‍යාප්තිය තවදුරටත්

Sunday, 26 July 2020 - 9:56

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
කොරෝනා වෛරස් ගෝලීය ව්‍යාප්තිය තවදුරටත් සීඝ්‍රයෙන් සිදුවන අතර, ලොව රටවල් 40ක් පමණ ගත වූ සතිය තුළ දිනක වාර්තාගත වැඩිම ආසාදිත සංඛ්‍යාව සටහන් කර තිබෙනවා.

එය පෙර සතියට සාපේක්ෂව දෙගුණයක් පමණ වන බවයි රොයිටර් විශ්ලේෂණයක් මගින් පෙන්වා දෙන්නේ.

ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාව යන කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක් වූ රටවල පමණක් නොව  ඕස්ට්‍රේලියාව, ජපානය, හොංකොං, බොලීවියාව, සුඩානය, ඉතියෝපියාව, බල්ගේරියාව, බෙල්ජියම උස්බෙකිස්ථානය සහ ඊශ්‍රායලය ආදී රටවලද මෙලෙස කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙනවා.

විශේෂයෙන් සමාජ දුරස්ථභාවය ඇතුළු නිරෝධායන සීමාවන් ලිහිල් කළ රටවල පළමු ආසාදිතයා වාර්තා වී මසක් ඇතුළත දෙවන කොරෝනා රැල්ලට මුහුණදෙන බව සඳහන්.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් නැවතත් ලෝකවාසීන් පැරණි සාමාන්‍ය තත්ත්වයට කඩිනමින් අවතීර්ණ නොවිය යුතු බවයි.