ඉන්දියාවේ දිනක කොරෝනා ආසාදිතයන් නැවතත් 48,000 ඉක්මවයි

Sunday, 26 July 2020 - 11:39

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+48%2C000+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92


අද උදෑසනින් අවසන් වූ පැය විසි හතර තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 48,661ක් වාර්තාවීමත් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1,385,522 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඊයේ 13 ලක්ෂය ඉක්මවා ගියේ ආසාදිතයන් 12 ලක්ෂය වාර්තා කර දින දෙකක් ඇතුළතයි.

ඊයේ දිනයේදීද තවත් පුද්ගලයන් 705 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 32,063ක් දක්වා ඉහළ ගියා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ කොවිඩ් 19 පරීක්ෂණාගාර සංඛ්‍යාව මේ වනවිට 1301 දක්වා ඉහළ නැංවීමත් සමඟ ඊයේ දිනයේදී පමණක් එම පරීක්ෂාවන් හාරලක්ෂ 20,000 ක් සිදුකළ බවයි.

පසුගිය ජනවාරි මාසයේ ඉන්දියාව සතුව පැවතුණේ එවැනි එක් පරීක්ෂණාගාරයක් පමණයි.