ඇමරිකාවට චන්ඩ මාරුතයක්

Sunday, 26 July 2020 - 13:29

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මේ වසරේ පළමු අත්ලාන්තික් චන්ඩ මාරුතය ඇමරිකාවේ කොරෝනා වෛරසයෙන් පීඩාවට ලක්වූ ටෙක්සාස් ප්‍රාන්තයට ඊයේ කඩාවැදුණා.

පැයට කිලෝමීටර 145  ඉක්මවූ වේගයක් සහිත එම චන්ඩ මාරුතයත් සමඟ ටෙක්සාස් ප්‍රාන්තයේ ධාරානිපාත වර්ෂාවක් ඇතිවී තිබෙන අතර, ජල ගැලීම් ඇතිවීමේ අවදානමක්ද මතුව තිබෙනවා.

හන්නා ලෙස නම් කෙරුණු සුළිසුළඟ දකුණු දිග ටෙක්සාසයේ සිට ඊසානදිග මෙක්සිකෝව දක්වා කාලගුණය විපරීත කර ඇති බව සඳහන්.

චන්ඩ මාරුතය සමඟ ටෙක්සාසයට මිලිමීටර 500 ක පමණ වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර, මීටර දෙක ඉක්මවූ උස් රළ  ඇතිවිය හැකි බවයි ඇමරිකානු ජාතික සුළිසුළං මධ්‍යස්ථානය නිවේදනය කළේ.