කොරෝනාවෙන් මිදෙන්න - ප්‍රතිඥාවකට එළඹෙන්න - අගමැති මෝදි ඉන්දියානුවන්ගෙන් ඉල්ලයි

Sunday, 26 July 2020 - 14:04

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B7%85%E0%B6%B9%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
එළඹෙන අගෝස්තු 15 වනදාට යෙදී ඇති ඉන්දීය නිදහස් දිනයේදී කොරෝනා වෛරසයෙන් මුළුමනින්ම නිදහස් වීම සඳහා ප්‍රතිඥාවකට එළඹෙන්නැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වන විට 13 ලක්ෂ 89,000 ඉක්මවා ඇති අතර, එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 32,000කට අධිකයි.

එමෙන්ම, ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය හැරුණු කොට කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් ලොව තුන් වනුව වැඩිම පීඩාවට ලක්ව ඇති රට ඉන්දියාවයි.

සිය මාසික මාන් - කී - බාත් ගුවන් විදුලි වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍ය මෝදි කියා සිටියේ කොරෝනා වෛසරයෙන් මිදී ස්වයං පෝෂිත ඉන්දියාවක් ගොඩනැගීම සඳහා තරුණ පෙළ එක්විය යුතු බවයි.

ආරම්භයේ පටන් අනතුරුදායක කොරෝනා වෛරසයෙන් සුවය ලැබීමේ ප්‍රතිශතය ඉන්දියාව තුළ ඉහළ ගොස් ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.