කොරෝනා ආසාදිතයින් එක්කෝටි හැත්තෑ දෙලක්ෂය ඉක්මවයි

Thursday, 30 July 2020 - 20:14

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%91+%E0%B6%AF%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන්ට පනවා තිබූ දින 7 ක ස්වයං නිරෝධායන කාලය දින 10 දක්වා දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම,  ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් අගනුවරින් මේ වනවිට වාර්තාගත ලෙස කොරෝනා ආසාදිත හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පසුගිය සඳුදා සිට අද දිනය වනවිට එහි කොරෝනා මරණ සියයට 36 කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

මේ අතර, ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට එක්කෝටි හැත්තෑදෙලක්ෂ 13,220ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ හය ලක්ෂ 70,907ක් ලෙසයි.