ජනපතිවරණය කල් දමන්නැයි ට්‍රම්ප් ඉල්ලයි

Friday, 31 July 2020 - 13:27

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දමන්නැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය පාලනය නොවූ පසුබිමක ජනාධිපතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත්, ජනාධිපති ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ඊට අකමැත්ත ප්‍රකාශ කරමින් සඳහන් කර ඇත්තේ එවැනි තීරණයකට යා යුත්තේ ඩිමොක්‍රටික් පක්ෂයේ අනුමැතියකින් බවයි.

එහෙත් ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය කල් දැමීමේ කිසිදු හැකියාවක් නැහැ.