වියට්නාමයේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

Friday, 31 July 2020 - 15:18

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වියට්නාමයේ පළමු කොරෝනා මරණය අද වාර්තා වී තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඩනාන් නගරයේ 70 හැවිරිදි පුද්ගලයෙකු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කළ රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව අතර, වියට්නාමය ප්‍රශංසාවට ලක්වුණා.

කෙසේ වෙතත්, වියට්නාමය තුළ නව ආසාදිතයෙකු පසුගිය සතියේ සොයා ගැණුණේ දින 100 කට පසුවයි.

වියට්නාමයේ දෙවන කොවිඩ් 19 රැල්ලෙන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 93 ක් වන අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 509ක් ලෙසයි.