අතිශය ජනප්‍රිය කෙටි වීඩියෝ මෘදුකාංග යෙදවුමක් වන ටික්ටොක් ඇමරිකාව තුළ තහනම් කරන බව ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් පවසනවා.
චීනයෙන් බිහි වූ ජාත්‍යන්තර තාක්ෂණ සමාගමක් වන බයිට්ඩාන්ස් හි යෙදවුමක් වන එය ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි එහි අදහස වී ඇත්තේ.
එමගින් ඇමරිකානුවන්ගේ පෞද්ගලික දත්ත චීන රජයේ බුද්ධි අංශ අතට පත්විය හැකි බවට ට්‍රම්ප් පරිපාලනය කියා සිටියා.
ඒ අනුව, ටික්ටොක් තහනම් කිරීමේ නියෝගයට අද දිනය තුළ අත්සන් තබන බවයි ජනපති ට්‍රම්ප්, එයාර් ෆෝස් වන් සිය නිල ගුවන් යානයේදී වාර්තාකරුවන්ට පවසා ඇත්තේ.
ටික්ටොක් ඇතුළු චීන මෘදුකාංග යෙදවුම් 59 ක් තහනම් කිරීමට ඉන්දියාව පසුගියදා පියවර ගත්තේ චීනය සමග දේශසීමා ගැටුමකට අවතීර්ණ වීමෙන් අනතුරුවයි.