මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 2439 දක්වා ඉහළට

Saturday, 01 August 2020 - 13:53

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+2439+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
තවත් ආසාදිතයින් 48 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟ මෙරට සම්පූර්ණයෙන් සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2439 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය, කාත්තන්කුඩි, මිනුවන්ගොඩ, වැලිකන්ද, අයි.ඩී.එච් සහ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබූ පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බවයි.

මෙරටින් කොරෝනා ආසාදිතයින් 2815 දෙනෙකු වාර්තා වන අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ 365 දෙනෙකු පමණයි.