කොවිඩ් - 19 එන්නත් මාත්‍රා මිලියන 100 කට ඇමරිකාව ගිවිසුම් ගත වෙයි

Saturday, 01 August 2020 - 14:05

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+-+19+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+100+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉදිරි සති කිහිපය තුළ කොරෝනා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි ඇමරිකානු වසංගත රෝග පාලන මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබියදී පරීක්ෂණ මට්ටමේ කොවිඩ් 19 එන්නත් මිලියන 100 ක් ලබා ගැනීම සඳහා ඇමරිකානු රජය ගිවිසුම් ගත වී තිබෙනවා.

ප්‍රධාන පෙලේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ඖෂධ නිෂ්පාදන සමාගම් දෙකක් මෙලෙස ඇමරිකාවට කොවිඩ් - 19 එන්නත් මේ වසර නිමාවීමට පෙර සැපයීමට අපේක්ෂිතයි.

කොරෝනා එන්නත් වෙළඳපොලට පිවිසීමට පෙරම මෙලෙස ඒවා විශාල වශයෙන් ලබා ගැනීම සඳහා ඇමරිකාව කටයුතු කරන්නේ ජනපති ට්‍රම්ප්ගේ ඔපරේෂන් වෝප් ස්පීඩ් ව්‍යාපෘතිය යටතේයි.

ඒ සඳහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.1 ක් බව සඳහන්.

ඇමරිකාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට හතලිස් හත්ලක්ෂය ඉක්මවා ඇති අතර, එරට කොරෝනා මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 56,000 කට අධිකයි.