ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාකපට්නම්හි නැව් තටාකාංගනයක දොඹකරයක් කඩා වැටී පුද්ගලයන් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් පුද්ගලයෙකු එහිදී බරපතල තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
දොඹකරය කඩා වැටී ඇත්තේ ඊට බර පැටවීමේ පරීක්ෂාවකට ලක් කරමින් සිටින විටයි.
දොඹකරය කඩා වැටීමෙන් මියගිය 4 දෙනෙකු නැව් තටාකාංගනයේ සේවකයන් වන අතර, අනෙක් පුද්ගලයන් කොන්ත්‍රාත් සේවකයන් බවයි විශාකපට්නම් පොලිස් කොමසාරිස්වරයා සඳහන් කළේ.
ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ වෙරළාසන්න විශාකපට්නම්හි පිහිටි මෙම නැව් තටාකාංගනය ඉන්දීය රජය සතු වන අතර, එහි නැව් තැනීම, අලූත්වැඩියාව මෙන්ම, සබ්මැරීන නිෂ්පාදනය ද සිදුකෙරෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ විශාකපට්නම් ප්‍රදේශයේ මෑත කාලීනව සිදුවූ පළමු කාර්මික අනතුර මෙය බවයි.
මාස 3කට පමණ පෙර රසායනික කම්හලක සිදුවූ ගෑස් කාන්දුවකින් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුලු 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුනා.