හක්කපටස් නිසා තවත් වන අලියෙකුට දිවි අහිමි වෙයි (වීඩියෝ)

Saturday, 01 August 2020 - 17:04

%E0%B7%84%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B4%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


හක්කපටස් ආහාරයට ගැනීමෙන් මුඛයට සිදුවූ දරුණු තුවාල හේතුවෙන් ආහාර ගැනීමට නොහැකිව සිටි වන අලියෙකු මියගොස් තිබෙනවා.

ඒ කැකිරාව පලාගල ප්‍රදේශයේ වගා බිමකදීයි.

අප වාර්තාකරු සඳහන් කළේ මියගිය වන අලියා අඩි 6.5ක් පමණ උස වයස අවුරුදු 15ක් පමණ වන සත්වයෙක් බවයි.

කලාවැව ජාතික උද්‍යානයේ අලි රංචුවේ සිට අලියෙක් වන මෙම සත්වයාට තුවාල ලැබීමෙන් පසු අවස්ථා කිහිපයකදී වනජීවී නිලධාරීන් ප්‍රතිකාර ලබාදී තිබුනා.

ඊයේ පස්වරුවේ ද පලාගල ප්‍රදේශයේ අස්වනු නෙලීමට ආසන්න කුඹරකට මෙම අලියා පැමිණ ඇති අතර එම අවස්ථාවේ දී ද වනජීවී නිලධාරීන් අලියාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර තිබුනා.

වනසත්ව නියාමකවරියක් ද ඊට එක්ව සිටීම විශේෂත්වයක්.

කෙසේවෙතත් මුඛයේ බරපතල තුවාල ලබා සිටි මෙම අලියා ආහාර හා ජලය ලබාගැනීමට නොහැකිව නිරාහාරව සිට ඊයේ සවස වෙල්යායේදීම මරණයට පත්ව තිබෙනවා.

ගතවූ දින කිහිපය තුල හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් ගල්කිරියාගම වනසත්ව අඩවියෙන් වාර්තාවූ දෙවන වන අලි මරණය මෙය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.