කන්කසන්තුරේ සිට පොතුවිල් දක්වා මුහුදේ සුළං වේගය ඉහළට

Saturday, 01 August 2020 - 17:11

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 - 65 ත් අතර අගයක් දක්වා ඉහළ යෑමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් විටින් විට එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ධීවර සහ නාවික ප්‍රජාවට මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් ද කරනවා.