බඹර ප්‍රහාරයකින් 14 දෙනෙකු රෝහලේ

Saturday, 01 August 2020 - 17:20

%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+14+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
නෝර්ටන් බ්‍රිජ් - ඔස්බෝන් වතුයායේ - ක්‍රෙවෙන්ටන් කොටසේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

වතු යායේ ගසක බැඳ තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීමත් සමග බඹරුන් ඇවිස්සී ඇති බව සඳහන්.