වරායේ අර්බුදයට පදනමක් නැහැ - තමා බියපත් කිරීමට කිසිවෙකුට නොහැකි බව ජනපති කියයි (වීඩියෝ)

Saturday, 01 August 2020 - 17:44

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AF%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%AD%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කිසිදු හේතුවක් නොමැතිව කොළඹ වරාය සම්බන්ධයෙන් කිසියම් පිරිසක් ගැටළුවක් ඇති කිරීමට උත්සාහ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

එවැනි ක්‍රියාවලින් තමා බිය ගැන්වීමට නොහැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරයා අවධාරණය කළේ දුප්පත්කම තුරන් කිරීමට ගෙන යන වැඩපිළිවෙල ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවයි.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් අද (01) බදුල්ල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහියංගනය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවේ දීයි මේ බව කියාසිටියේ.

රට ගැන සිතන නායකයෙකු බලයට පත් සෑම අවස්ථාවකම එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම කුමන්ත්‍රණකාරී සහ අන්තවාදී කණ්ඩායම්වල ඉලක්කය වූ බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මේ අතර බාධක පැමිණිය ද දුප්පත්කම තුරන් කිරීමට ආරම්භ කළ ගමන නතර නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරනවා.

අතීතයේ දී ඇතැමුන්ට රැකියා ලැබුණද, දිළිඳු ජනතාවට අවස්ථාව නොලැබුණු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරමින් මැතිවරණය අවසන් වූ වහාම අඩු ආදායම්ලාභීන් සහ උපාධිලාභීන් සඳහා සැලසුම් කළ රැකියා එක්ලක්ෂ පනස්දහස ලබා දෙන බව ජනාධිපතිවරයා කියාසිටියා.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමතුන්ට පුහුණුවක් සමග රැකියා දීමට වැඩපිළිවෙළක් සකස් කරන බව ද ඔහු සඳහන් කළා.

අතරමග නතර වී ඇති මොරන් ඇල වාරි ව්‍යාපෘතිය කඩිනමින් නිම කර මහියංගනය ප්‍රදේශයේ පානීය ජල ගැටළුව විසඳන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියසිටියා.

වන අලි තර්ජනය, මත්ද්‍රව්‍ය උවදුර සහ දෙහිගොල්ල මහා විද්‍යාලයේ අඩු පාඩු පිළිබඳව රැස්ව සිටි ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.