ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් 365 දක්වා පහතට - අදත් 48ක් සුවය ලබයි

Saturday, 01 August 2020 - 19:03

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+365+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7+-+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+48%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
අද දිනයේ කොරෝනා ආසාදිතයින් 48 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිය අතර, ඒ අනුව මේ වනවිට රෝහල්ගතව සිටින්නේ ආසාදිතයින් 365ක් පමණයි.

මෙරටින් කොරෝනා ආසාදිතයින් 2815 දෙනෙකු වාර්තා වූ අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 2439ක්.

අද මෙතෙක් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවුණු බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.

පොලොන්නරුව - ලංකාපුර ප්‍රාදේශයෙන් කොරෝනා ආසාදියින් දෙදෙනෙකු වාර්තා වීමත් සමග තවදුරටත් එම ප්‍රදේශයේ ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.  

මේ අතර, ඉදිරි සති කිහිපය තුළ කොරෝනා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි ඇමරිකානු වසංගත රෝග පාලන මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබියදී පරීක්ෂණ මට්ටමේ කොවිඞ් 19 එන්නත් මිලියන 100 ක් ලබා ගැනීම සඳහා ඇමරිකානු රජය ගිවිසුම් ගත වී තිබෙනවා.

ප්‍රධාන පෙලේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ඖෂධ නිෂ්පාදන සමාගම් දෙකක් මෙලෙස ඇමරිකාවට කොවිඩ් 19 එන්නත් සැපයීමට අපේක්ෂිතයි.

ලොවපුරා රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට එක්කෝටි හැත්තෑ අට ලක්ෂ 1,022ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛරසය හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව හය ලක්ෂ 83,882ක්.