බන්ධනාගාරයට හෙරොයින් රැගෙන යාමට යොදාගත් පූසෙක් හමුවෙයි (ඡායාරූප)

Saturday, 01 August 2020 - 20:34

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B7%83%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් රැගෙන යාමට යොදාගත් බවට සැක කෙරෙන පූසෙකු බන්ධනාගාර නිලධාරීන් හමුවී තිබෙනවා.

බන්ධනාගාරය ඉදිරිපිටදී ගෙලෙහි යමක් ගැට ගසා ඇති පූසෙක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරියෙකු විසින් පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ එම පාර්සලයේ හෙරොයින් ඇති බවටයි.

හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් දෙකක් එහි තිබී ඇති අතර අද මෙම පූසා නිලධාරීන්ට හමුවී තිබුනා.

එමෙන්ම දුරකථන සිම් කාඩ්පත් දෙකක් සහ මෙමරි කාඩ් පතක් එහි තිබූ බව සඳහන්.

වැඩිදුර පරීක්ෂණ සඳහා එම පූසා බොරැල්ල පොලිසියට භාරදුන් බවයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක ප්‍රකාශ කළේ.

පසුගිය කාලසීමාවේදී බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය තාප්පයට ඉහළින් විසි කිරීම ඇතුළු සිද්ධීන් කිහිපයක්ම වාර්තා වූ අතර, එම ක්‍රියාවන් නීතියේ රැහැනට හසුකර ගැනීමත් සමඟ තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර තුළට රැගෙන යාම අවහිර වී තිබෙනවා.

ඒ අනුව මෙලෙස බළලෙකු මාර්ගයෙන් මෙවැනි ක්‍රියාවකට උත්සාහ දැරූ පළමු අවස්ථාව මෙය වනු ඇති බවටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැක පළ කරන්නේ.

බන්ධනාගාර නිලධාරීන් භාරයට ගත් බළලා, හෙරොයින් සහ සිම් කාඩ්පත් වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිසියට භාර දී ඇති අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුවද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.