උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)

Saturday, 01 August 2020 - 21:00

%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් විවිධ අදහස්  පළ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නිමල් සිරිපාල ද සිල්වා මහතා ජන හමුවක් අමතමින් සඳහන් කළේ තමා ද ආබාධිත රණ විරුවෙක් බවයි.

එහෙත් තමා කිසිදු දීමනාවක් නොලබන බවයි ඔහු කියාසිටියේ.

මේ අතර ජාතික ජන බලවේගයේ අපේක්ෂක බිමල් රත්නායක සඳහන් කළේ පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ද කිසිවක් සිදු නොවන බවයි.

මේ අතර සමගි ජන බලවේගයේ අපේක්ෂක විජිත් විජයමුණි සොයිසා මහතා තමාට ඇති සිහිනයක් පිළිබඳ ජන හමුවකට එක්වෙමින් කරුණු දැක්වුවා.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත්වන්නේ නම් ඔහු යටතේ කටයුතු කිරීමට තමා කැමති බව නවීන් දිසානායක මහතා මාධ්‍ය හමුවකදී කියාසිටියා.