ප්‍රදේශ කිහිපයකට තද වැසි

Sunday, 02 August 2020 - 6:32

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වනවා.

ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

දකුණු පළාතේත් පොළොන්නරුව මන්නාරම ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්වල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං ද ඇතිවීමේ හැකියාව පවතිනවා.

මේ අතර බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව ද පවතිනවා.

වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ඉල්ලා සිටින්නේ.

එමෙන්ම එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ක් 3ක් පමණ ඉහළ යා හැකි අතර මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසට ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ද ඉල්ලීමක් කෙරෙනවා.

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

දකුණු සහ නිරිතදිග මුහුදු ප්‍රදේශවල තරමක් තද වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතිනවා.

කන්කසන්තුරය සිට මන්නාරම කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ක් 65ක් පමණ දක්වා වැඩි විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියා.