පානීය ජල ගැටළුවට අය වැයෙන් විසඳුම් (වීඩියෝ)

Sunday, 02 August 2020 - 7:03

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ පා සිටින පානීය ජල ගැටළුව විසඳීමට මෙවර අය වැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ගත වූ දින කිහිපය තුළ ජනාධිපතිවරයා රට පුරා කළ චාරිකාවේ දී ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටළුවක් වූයේ පානීය ජල අවශ්‍යතාව බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර ඒ අනුව ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස සලකා පානීය ජල ගැටළුව විසඳීමට සැලසුම් කර ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළා.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ (01) බදුල්ල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින්ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

බණ්ඩාරවෙල, දෝව රජමහා විහාරය අසළ ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයා දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ පා ඇති ගැටළු විසඳීමට පියවර ගන්නා බව කියසිටියා.

හාලිඇල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සහ බදුල්ල සේනානායක උද්‍යානය අසළ සංවිධාන කළ ජන හමුවට ද ඔහු එක්වු ජනාධිපතිවරයා රැස්ව සිටි ජනතාව සමග සුහද කථා බහක ද නිරත වුණා.