කැළණි ගඟේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් (වීඩියෝ)

Sunday, 02 August 2020 - 7:59

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




කිරිඳිවැල - රන්වල පාලම අසළදී කැළණි ගෙඟ් දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.

ඔවුන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

19 හැවිරිදි මෙම පාසල් සිසුන් දෙදෙනා වැලිවේරිය සහ මුදුන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.

පිරිමි ළමයින් අටදෙනෙකු සහ ගැහැණු ළමයින් තුන්දෙනෙකු ඊයේ මෙලෙස දිය නෑමට පැමිණ ඇති අතර, මිතුරෙකුගේ නිවසට පැමිණි ඔවුන් වැඩිහිටියන්ට නොදන්වා එම ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.