අධිකරණ නියෝගයෙන් පසු ප්‍රවේශ මාර්ග විවෘතයි - වරාය සේවකයින් තවමත් සත්‍යග්‍රහයේ

Sunday, 02 August 2020 - 8:11

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B7%9A
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබානොදී එහි මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සිදුකරන ලෙස ඉල්ලමින් වරාය වෘත්තිය සමිති 23ක් එක්ව ආරම්භ කළ සත්‍යග්‍රහය අද 05 වන දිනටත් ක්‍රියාත්මකයි.

ඒ හේතුවෙන් වරායේ සියලූ මෙහෙයුම් තවදුරටත් අඩාල වී ඇති බවයි ඊට එක්ව සිටින වෘත්තීය සමිති නායකයින් ප්‍රකාශ කළේ.

සත්‍යග්‍රහය හේතුවෙන් මීට පෙර වරායට පිවිසෙන ප්‍රධාන මාර්ගයද අවහිර වී තිබූ අතර, ඊයේ පස්වරුවේ අධිකරණය විසින් වරාය පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් නියෝගයක් නිකුත් කළා.

එහි දැක්වුණේ වරාය ප්‍රධාන මාර්ගය අවහිර නොකරන ලෙස සහ අවට රාජ්‍ය ආයතනවලට ඇතුළුවීම මෙන්ම මහජන පීඩා ඇතිවන අයුරින් කටයුතු නොකරන ලෙසටයි.  

අධිකරණ නියෝගය ලබාදීමත් සමඟ වරාය පිවිසුම් මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයේ නිරත වූ වරාය සේවකයින් එම ස්ථානයෙන් ඉවත්ව මාර්ගය විවෘත කළා.

කෙසේ වෙතත්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය එලෙසම තවදුරටත් ක්‍රියාත්මක බවයි කොළඹ වරායේ වානිජ කර්මාන්ත සහ සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් ශ්‍යාමල් සුමනරත්න කියා සිටියේ.