තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Sunday, 02 August 2020 - 8:35

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 332ක් අද අළුයම දිවයිනට පැමිණියා.

එසේම එංගලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකුද ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපලේ සිට අද අලූයම දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

කොළඹ වරායේ නැංගුරම් ලා ඇති වෙළඳ නැවක සේවය කිරීම සඳහාද විදේශීය නැවියන්් 13 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට අද අලූයම දිවයිනට පැමිණ තිබුණා.

මේ අතර මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු ඊයේ දිනයේ වාර්තා වූයේ නැහැ.

මේ වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,815 දෙනෙකු වාර්තා වන අතර, ඉන් 2,439 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ කොරෝනා ආසාදිතයින් 365 දෙනෙකු පමණයි.