දකුණු අප්‍රිකාවේ කොරෝනා ව්‍යාප්තිය ඉහළට

Sunday, 02 August 2020 - 9:25

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පන්ලක්ෂය ඉක්මවා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා තහවුරු කළා.

ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව පන්ලක්ෂ 3,290ක් වන අතර කොරෝනා මරණ 8,153ක් වාර්තාවනවා.

එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, රුසියාව සහ ඉන්දියාව හැරුණු කොට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ දකුණු අප්‍රිකාවෙන්.

කෙසේ නමුත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මීටත් වඩා බෙහෙවින් වැඩි අගයක් විය හැකි බවයි.

ප්‍රිටෝරියා අගනුවරට කේන්ද්‍ර ගතවූ දකුණු අප්‍රිකාවේ කොරෝනා ව්‍යාප්තිය මේ වනවිට සීග්‍රයෙන් ඉහළ යන අතර, එහි උපරිම තත්ත්වය මෙතෙක් එළඹී නොමැති බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පසුගිය අප්‍රේල් සහ මැයි මාසවලදී පැනවූ සීමාවන් දකුණු අප්‍රිකාව ජූනි මාසයේ සිට ලිහිල් කරනු ලැබුවා.

කොරෝනා ව්‍යාප්තිය නැවතත් ඉහළ යාම ඇරඹුණේ ඉන් අනතුරුවයි.

කෙසේ නමුත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දකුණු අප්‍රිකාව පුරා පැනවුණු හදිසි තත්ත්වය ලබන 15 වනදා දක්වා ක්‍රියාත්මකයි.