නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන තුනක් වටලා 18 දෙනෙකු අත්අඩංගුවට

Sunday, 02 August 2020 - 9:37

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B7%8F+18+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොවිඩ් වසංගතය හේතුවෙන් සම්භාහන මධ්‍යස්ථාන සඳහා අවසර ලබාදී නොතිබෙන පසුබිමක උසස් පොලිස් නිලධාරීන්ගේ නම් ව්‍යාජ ලෙස භාවිත කරමින් බස්නාහිර පළාත තුළ පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන 3 ක් වටලා කාන්තාවන් 14 දෙනෙකු ඇතුලූ පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොම්පඤ්ඤවීථිය, තලංගම, මීගමුව ප්‍රදේශවල පිහිටි මෙම මධ්‍යස්ථානවලට අමතරව ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

මේ අතර ඊයේ උදෑසන හයේ සිට අද අලූයම 5 දක්වා කාලය තුළදී බස්නාහිර පළාත තුළ වැටලීම්වලදි හෙරොයින්, ගංජා, අයිස් ඇතුලූ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 345 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.