පන්ජාබයේ විෂ මත්පැන් මරණ 86 දක්වා ඉහළට

Sunday, 02 August 2020 - 9:41

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%B6%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%82+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+86+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ විෂ මත්පැන් පානය කිරීමෙන් මියගිය සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සිකුරාදා දිනයේදී මෙහි විෂ මත්පැන් පානයෙන් මරණ 38 ක් වාර්තාවූ අතර, ඊයේ රාත්‍රිය වනවිට තවත් මරණ 48 ක් ඊට එක්වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් සුරාබදු නිලධාරීන් හත්දෙනෙකුගේ සහ පොලිස් නිලධාරීන් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට ප්‍රාන්ත රජය පියවර ගත්තා.

කෙසේ නමුත් පාලන බලය හොබවන කොංග්‍රස් ප්‍රාන්ත රජයේ ඇමතිවරුන් නීතිවිරෝධී මත්පැන් වෙළඳාමේ නිරතවන බවට විපක්ෂ දේශපාලනඥයන් චෝදනා නගනවා.

ඔවුන් ප්‍රධාන අමාත්‍ය අමරින්දර් සිං ට ඉල්ලා අස්වන ලෙස බලකර සිටියා.

එහෙත් මීට පෙර 2012 සහ 2016 වසරවල පන්ජාබයේ සිදුවූ විෂ මත්පැන් මරණ පිළිබඳව සිහිපත් කරමින් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ සිද්ධිය දේශපාලනිකරණය කිරීමට විපක්ෂය උත්සාහ කරන බවයි.