බෙලිඅත්තේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට (වීඩියෝ)

Sunday, 02 August 2020 - 10:58

%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බෙලිඅත්ත - දම්මුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ එම කාන්තාව තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මෙලෙස මියගොස් ඇත්තේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 52 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් වන අතර, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් සොයා පොලීසිය මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.