උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)

Sunday, 02 August 2020 - 14:10

%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් විවිධ අදහස් පළ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ශෙහාන් සේමසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ සමස්ත රට විනාශ කළ කණ්ඩායමක් විසින් ගොඩනැගිල්ලක අයිතිය ලබාගැනීම සඳහා මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින බවයි.

ජීවන බර අහස උසට ගොස් ඇතැයි සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක ජන හමුවකට එක්වෙමින් එහි අපේක්ෂක සුජීව සේනසිංහ කියාසිටියා.

මේ අතර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජන හමුවකට එක්වෙමින් සඳහන් කළේ අණ්ඩ දැමූ ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවයි.

කෙසේවෙතත් ජාතික ජන බලවේගයේ අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මැතිවරණ ප්‍රචාරක ජන හමුවකට එක්වෙමින් පෙන්වා දුන්නේ රජය ඔවුන්ට වාසි සහගත ව්‍යවස්ථාවක් ගෙන ඒමට උත්සාහ කරන බවයි.