මත්කුඩු සමඟ කාන්තාවක් හසලකදී අත්අඩංගුවට

Sunday, 02 August 2020 - 14:21

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හෙරොයින් බවට සැක කෙරෙන නීතිවිරෝධී මත්කුඩු ග්‍රෑම් 796යි මිලිග්‍රෑම් 430ක් සහ රුපියල් හයලක්ෂ 50,000ක මුදලක් සමගින් කාන්තාවක් මහියංගනය - හසලක ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හසලක පොලීසියට ලද තොරතුරක් මත නිවසක් පරීක්ෂා කිරීමේදී දර මඩුවක වහලයේ සඟවා තිබියදී මෙම මත්කුඩු සහ මුදල් සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ නිවසේ සිටි කාන්තාවයි.