අත්අඩංගුවට ගත් අනුරුද්ධ සම්පායෝ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට (වීඩියෝ)

Sunday, 02 August 2020 - 16:24

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%9D+%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මීගමුව මූලස්ථාන පොලිසියේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් දැනට වරෙන්තු ලබා සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබෙනවා.
 
දැනට වරෙන්තු ලබා සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ දින 11කට පසු කුරුණෑගල නගරයේදී පොලීසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට පහසුකම් සැපයීම මොහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනාවයි.

ඔහු ඇතුලු හතරදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පසුගිය මස 22 වන දිනයි.

ඒ අනුව වරෙන්තු ලැබූ නිලධාරීන් තුන්දෙනෙකු මීට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබුණා.

ඔවුන් දැනට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.