අත්අඩංගුවට ගත් සම්පායෝ සී.අයි.ඩී.යට (වීඩියෝ)

Sunday, 02 August 2020 - 17:05

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%9D+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




වරෙන්තු ලැබ සිටින මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අසළ දී අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, වරෙන්තු නිකුත් කර දින 11කට පසුවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේ ලද බුද්ධි තොරතුරකට අනුව මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු කණ්ඩායමක් විසින් 52 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු මේ වනවිට මීගමුව පොලිස් ස්ථානය වෙත රැගෙන විත් ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේ අනුරුද්ධ සම්පායෝ වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බවයි.

මීගමුව බන්ධනාගාරයේ රැදවියෙකුට ශීතකරණයක් ඇතුළු පහසුකම් ලබාදීමේ චෝදනා මත මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ තවත් නිලධාරීන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය 21 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබුණා.

ඒ අනුව මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා නියෝගයක් නිකුත් කරනු ලැබුවේ පසුගිය 22 වනදායි.

ඒ අනුව ජේලර්වරුන් වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න සහ දෙවන පෙළ ජේලර් කාලිංග කළුඅග්ගල පොලීසියට භාරවීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කර මේ මස 4 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මීගමුව බන්ධනාගාරයේ රැදවියෙකුට ශීතකරණයක් ඇතුළු පහසුකම් ලබාදීම සහ කූඨ ලේඛන සකස් කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ දැනට වැඩ තහනමකට ලක්ව සිටිනවා.

 එමෙන්ම, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, අනුරුද්ධ සම්පායෝ පෙත්සමක් ගොනු කර ඇති අතර, එය මේ මස 5 වන දා අභියාචනාධිකරණයේදී යළි සලකා බැලීමට නියමිතයි.

මේ අතර, මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරුන්ගේ නිළ නිවස පිටුපස උණ පඳුරක් අසල සඟවා තිබියදී ටී - 56 ජීව උණ්ඩ 13 ක් ද අද සොයා ගත්තා.

එමෙන්ම, කළුතර බන්ධනාගාරයෙන් පළා ගිය රැඳවියන් 3 දෙනාගෙන් එක් අයෙකු කළුතර - උතුර - ගල්පාත ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටි රැඳවියන් තුන්දෙනෙකු අද අලුයම කළුතර බන්ධනාගාරයේ තාප්පයෙන් පැන ගොස් තිබුණා.

අදාළ රැඳවියන් තුන්දෙනා 24, 23 සහ 32 යන වයස්වල පසුවන බේරුවල සහ කළුතර ප්‍රදේශවල පදිංචිකරුවන්.

ගල්කිස්ස - ඉඳිගහදෙණිය ප්‍රදේශයේ ඇළ මාර්ගයකට යාබද කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී පිස්තෝල හතරක් සහ මැගසින් අටක් කොළඹ අපරාධ කොට්ඨාසය අද සොයා ගත්තා.

රෙදිකඩකින් ඔතා දමා තිබූ මෙම නවීන පන්නයේ පිස්තෝල 4 විදෙස් රටක නිෂ්පාදිත ඒවා බවට පොලීසිය සැක පළ කරනවා.




කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More

නීති කැඩූ අපේක්ෂකයන් හත්දෙනෙකු අත්අඩංගුවට
Wednesday, 05 August 2020 - 19:27

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික්... Read More