කොරෝනා ආසාදනය වූ අමිතාබ් බච්චන් සුවය ලබයි

Sunday, 02 August 2020 - 18:35

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A+%E0%B6%B6%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
කොරෝනා ආසාදනය වී රෝහල් ගත කෙරුණු ප්‍රවීන ඉන්දීය නළු අමිතාබ් භච්චන් දින 23කට පසු අද පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගියා.

77  හැවිරිදි අමිතාබ් භච්චන් සුවය  ලබා රෝහලෙන් පිටව ගිය බව ඔහුගේ පුත් අභිෂේක් භච්චන් විසින් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, කොරෝනා ආසාදනය වූ තමන් තවමත් ප්‍රතිකාර ලබන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.  

එමෙන්ම, ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා හට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු ට්විටර් සටහනක් තබමින් මේ බව තහවුරු කළා.

මේ අතර, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත තාක්ෂණ අධ්‍යාපන ඇමතිනී කමල් රාණි වරුන්, කොරෝනා ආසාදනය වී මිය ගොස් තිබෙනවා.

62 හැවිරිදි ඇය සතියක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස මිය ගොස් ඇති අතර, ඇය කොරෝනා ආසාදනය වී මිය ගිය ඉන්දියාවේ පළමු අමාත්‍යවරියයි.