ප්‍රචාරක කටයුතු මැදියම් රැයෙන් අවසන් - ඇහැලියගොඩ දී පෙලපාලි ගිය වාහන 03ක් පොලිස් භාරයට (වීඩියෝ)

Sunday, 02 August 2020 - 18:53

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%87%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%99%E0%B6%BD%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+03%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ඉදිරි මහමැතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රී දොලහෙන් අවසන් වීමෙන් පසු සියලු මැතිවරණ නීති බලාත්මක බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව කිසිදු ආකාරයේ ප්‍රචාරක රැස්වීමක් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යාම, අත්පත්‍රිකා බෙදීම, ශාඛා කාර්යාල වල ප්‍රචාරක පුවරු ප්‍රදර්ශණය කිරීම, පෝස්ටර් - දැන්වීම්- බැනර් ප්‍රදර්ශනය යන කිසිදු මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවක නිරත වීමෙන් වැළකී සිටිය යුතු බවයි එම කොමිසම කියා සිටියේ.

මේ අතර රාජාංගණ ප්‍රදේශයේ නිවෙස්වලට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අදින් අවසන් වුණා

එමෙන්ම, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දින රාත්‍රියේ ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව සහතික කිරීම සඳහා සෑම මැතිවරණ බල ප්‍රදේශයකට දෙදෙනෙකු බැගින් ගණන් කිරීමේ මධ්‍යස්ථාන පරිශ්‍රයේ සිය නියෝජිතයන් රඳවා තැබීමට  ඕනෑම දේශපාලන පක්ෂයකටම අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති මහින්ද දේශප්‍රිය සදහන් කලේ මහමැතිවරණය සඳහා ඡන්දදායකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව උපරිමව තහවුරු කර ඇති බවයි.

මේ අතර, ඇහැලියගොඩ - කිරිඇල්ල මාර්ගයේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ගමන් ගත් වාහන 03 ක් සමඟ ආධාරකරුවන් 4 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක හසිත මුහන්දිරම්ට අයත් රථ වාහනයි.

ඔහු විසින් අද දහවල් මැතිවරණ නිතී උල්ලංඝණය කරමින් වාහන පෙළපාලියක නිරත වී ඇති අතර, පොලීසිය එය නතර කරන ලෙස දැනුම් දී ඇතත්, එම උපදෙස් නොතකමින් ඔවුන් ගමන් කර ඇති බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කලේ.

කෙසේ වෙතත්, පොලිසිය එම ස්ථානයට පැමිණිමත් සමග එහි රැඳී සිටි ආධාරකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.