සිව් මහ වාණිජ නගර අතරට හම්බන්තොටත් (වීඩියෝ)

Sunday, 02 August 2020 - 18:58

%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B7%80%E0%B7%8F%E0%B6%AB%E0%B7%92%E0%B6%A2+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


අන්තර් ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධන කිරීමට අපේක්ෂිත සිව් මහ වාණිජ නගර අතරට හම්බන්තොට දිස්ත්‍රික්කය එක් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

කොළඹ, යාපනය සහ ත්‍රිකුණාමලය මෙලෙස සිව් මහා වාණිජ නගර අතරට එක් කෙරෙන සෙසු දිස්ත්‍රික්කයි.

සිව් මහ නගරවල වරාය සහ ගුවන් තොටුපළ කේන්ද්‍ර කර සී හැඩය ගන්නා ආර්ථික කොරිඩෝව නිර්මාණය කර ජාත්‍යන්තර වෙළඳපොළ හා තරඟ කරන රටක් ගොඩනගන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ චාරිකාවලට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

තිස්සමහාරාම බස් නැවතුම්පොළ අසළ සංවිධාන කළ ජන හමුවෙන් ජනාධිපතිවරයා සිය චාරිකාව ආරම්භ කළා.

පානීය ජල ගැටළුවට සහ වන අලි තර්ජනයට විසදුම් ලෙස විධිමත් මෙන්ම ක්‍රමවත් වැඩපිලිවෙලක් සකස් කරන බවයි ලුණුගම්වෙහෙර බස් නැවතුම්පොළ භූමියේ පැවති ජන හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ.

මත්උවදුර තුරන් කර දෙන ලෙස සූරියවැව නගරයේ සංවිධාන කර තිබූ හමුවේදී ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

මීට අමතරව හම්බන්තොට - වෙරළ උද්‍යානයේ සහ අම්බලන්තොට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවලට ද ජනාධිපතිවරයා එක්වුණා.



කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More

නීති කැඩූ අපේක්ෂකයන් හත්දෙනෙකු අත්අඩංගුවට
Wednesday, 05 August 2020 - 19:27

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික්... Read More