'අංගොඩ ලොක්කා'ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය තහවුරු කරයි

Monday, 03 August 2020 - 10:11

%27%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%27%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%91%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලසන්ත චන්දන පෙරේරා නොහොත් 'අංගොඩ ලොක්කා' ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව සනාථ වී ඇති බව එරට ප්‍රධාන පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කරනවා.

ද නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් සහ ද හින්දු යන පුවත් වෙබ් අඩවි අංගොඩ ලොක්කාගේ මරණය පිළිබඳව මෙලෙස වාර්තාකර තිබුණා.

'අංගොඩ ලොක්කා' පසුගිය මස 03 වනදා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔහුගේ අවසන් කටයුතු මේ වනවිට සිදුකර ඇති බවයි එම පුවත් වෙබ් අඩවි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කොයිම්බතුර් පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ 'අංගොඩ ලොක්කා' ඉන්දියාවේ ජීවත්ව ඇත්තේ ආර්. ප්‍රදීප් සිං යන ව්‍යාජ නමකින් බවයි.

'අංගොඩ ලොක්කා'ගේ මරණය සහ ඔහුට ව්‍යාජ ඉන්දීය හැඳුනුම් පතක් සකසාදීම යන සිද්ධීන්ට අදාලව ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු තිදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය පුවත් වෙබ් අඩවි වැඩිදුරටත් පවසනවා.

මේ අතර කිසියම් විෂක් ශරීර ගතකර 'අංගොඩ ලොක්කා' ඝාතනය කර ඇති බවටද පසු ගියදා වාර්තා පලවුණා.

කෙසේ වෙතත් මොහුගේ මරණයට හේතු තවමත් අනාවරණය වී නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories