ඉදිරි දින කිහිපයේ ප්‍රදේශ රැසකට තද සුළං

Monday, 03 August 2020 - 12:14

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82
අද සිට ලබන හයවනදා දක්වා දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

විශේෂයෙන් උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල මෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.