හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන බණ්ඩාරගමදී (වීඩියෝ)

Monday, 03 August 2020 - 12:48

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


අදට යෙදෙන නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් බණ්ඩාරගම - වීදියගොඩ  රජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන මේ වන විටත් ක්‍රියාත්මකයි.

උදෑසන 06.00 ට උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු ධර්මප්‍රදීපය ආරම්භ වුණා.

උදෑසන 07.30ට පෝදා ධර්ම දේශනය සිදුකළේ් පූජ්‍ය පිටිගල ධම්ම විනීත හිමියන් විසින්.

එමෙන්ම, විශේෂ ධර්ම සාකච්ඡාවක් පෙරවරු 08.30 සිට 10.00 දක්වා පැවැත් වූණේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරි සුමන හිමියන්, ප්‍රවීන සාහිත්‍යවේදී සුජිත් අක්කරවත්ත සහ ආචාර්ය මහින්ද හේරත් යන අයගේ සහභාගිත්වයෙන්.

එසේම පෙරවරු 10 ට තවත් ධර්ම දේශනයක් පැවැත්වුණේ රාජකීය පණ්ඩිත පූජ්‍ය වතුරවිල සිරි සුජාත හිමියන් විසින්.

ඉන් අනතුරුව, කාව්‍යමය ධර්ම දේශනයක්ද සිදු කෙරුණා.

ඒ කාව්‍ය විශාරද පූජ්‍ය මාම්පිටියේ සිරිසුමන හිමියන් විසින්.

අනතුරුව, දහවල් 12.30ට තවත් විශේෂ ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories